Thursday 18th of June 2026

English Tamil
Advertiesment


විපක්ෂයේ හිටියත් - ආණ්ඩුවේ වැඩ කරන විපක්ෂ නායක සජිත්


2025-10-19 14906

 

නිදහස් සෞඛ්‍ය ඉහලට ඔසවන බව කියා බලයට පැමිණ, වල පල්ලට ඇද දමනවා - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස  

 

කැබිතිගොල්ලෑව මූලික රෝහලට අත්‍යාවශ්‍ය සෞඛ්‍ය උපකරණ තොගයක් සජිත්ගෙන්

 

පොඩි මිනිහ ගැන හිතන එකම නායකයා ඔබයි - පැමිණ සිටි පිරිස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට තුති පුදයි  

 

(අචින්ත මධුර) 

 

රටක ජනතාවගේ මූලික හා මානව අයිතියක් ලෙස සෞඛ්‍ය හා අධ්‍යාපන දැක්විය හැකි බවත් මේ මානව හා මුලික අයිතිය කටවචනයෙන් ප්‍රකාශනයෙන් පමණක් නොව ක්‍රියාවෙන්ද ආරක්ෂා කළ යුතු බවත් මේ වන විට නිදහස් සෞඛ්‍ය සේවයේ උපකරණ, වෛද්‍ය  හා කාර්ය මණ්ඩල හිඟයක් ඇති බවත් නවීන පන්නයේ උපකරණ නොමැතිව ජනතාවගේ ජීවිත අනතුරේ බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

පසුගියදා අනුරාධපුර කැබිතිගොල්ලෑව ප්‍රදේශයේ ජනතාව මුහුණ දෙන ගැටලු සම්බන්ධයෙන් සොයා බැලීමේ අරමුණින් කැබිතිගොල්ලෑව පොළ භූමියේ දී ගමින් ගමට දොරින් දොරට විපක්ෂ නායක ජංගම සේවාවක් පවත්වන ලදී. එහි දී කැබිතිගොල්ලෑව මූලික රෝහලට අත්‍යාවශ්‍ය වී තිබූ වකුගඩු රෝගීන්ගේ රුධිර කාන්දුකරණ යන්ත්‍රයක් ඇතුළු තවත් උපකරණ රැසක හිඟයක් පවතින බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට දැනගන්නට ලැබුණි. ඒ අනුව විපක්ෂයක් ලෙස මේ වෙනුවෙන් සමගි ජන බලවේගයට ලබා දිය හැකි උපරිම සාර්ථක විසඳුම ලබා දෙමින් අද දින රුපියල් ලක්ෂ 31 වටිනා රුධිර කාන්දුකරන යන්ත්‍රයක් සහ ලක්ෂ 6.5ක් වටිනා ආරෝ ප්ලාන්ට් යන්ත්‍රයක් ඇතුළු ලක්ෂ 39ක් වටිනා රෝහල් උපකරණ පරිත්‍යාග කිරීම විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ මූලිකත්වයෙන් කැබිතිගොල්ලෑව මූලික රෝහලේ දී සිදු විය. එම පරිත්‍යාගයෙන් පසුව කැබිතිගොල්ලෑව නගරයේ පැවති ජන හමුවක් අමතමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ ය.

රුධිර කාන්දුකරන උපකරණවල පවා හිඟයක් ඇති බවත් මේ නිසා රෝගීන්ට පෞද්ගලික අංශය හරහා මුදල් ගෙවා මේවා සිදු කර ගැනීමට සිදුව ඇති බවත් නිදහස් සෞඛ්‍ය යනු මුදල් ගෙවා ලබා ගත යුතු දෙයක් නොවන බවත් එය මෙරට සුභසාධක රාජ්‍යයේ වැදගත් අංගයක් බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

මේ සම්පත් හිඟය නිසා සෞඛ්‍ය සේවාව බරපතල කඩා වැටීමකට ලක්ව ඇති බවත් සමහර ප්‍රතිකාර සඳහා රෝහල්වල උපකරණ නොමැති නිසා මුදල් ගෙවා ඒවා ගන්න සිදුව ඇති බවත් තිබුණටත් වඩා හොදට සෞඛ්‍ය සේවාව ශක්තිමත් කරනවා කියු වත්මන් රජය අද සෞඛ්‍ය සේවාව දුර්වල කර ඇති බවත් වකුගඩු රෝගීන්ට අවශ්‍ය ඩයලසීස් කටයුතු සදහා උපකරණ කඩෙන් ගේන්න සිදුව ඇති බවත් මේ සදහා අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන රජය දී නැති බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.

RELATED NEWS


Advertiesment
Advertiesment
Advertiesment